පැවැති විශේෂ උත්සව
February 26, 2024

ශ්‍රි රෝහණ දහම් පාසලටත් විහාරස්ථානයටත් අඩුවක්ව පැවැත්වුණු පරිඝනකයක් හා මුද්‍රණ යන්ත්‍රයක් අද දින පරිත්‍යාග කරන ලදී . මිරිහාන විවේකාරාම විහාරස්ථානයෙහි ප්‍රධාන දායිකාවක් වන වෛද්‍යසේකර නෝනා මහත්මියගේ ධන පරිත්‍යාගයෙන් ලබදුන් පරිගණකය හා මුද්‍රණ යන්ත්‍රය ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ වෙත පූජා කරන ලදී. දහම් පාසලේ දූ දරුවන් වෙනුවෙනුත් ආචාර්ය මණ්ඩලය වෙනුවෙනුත් එතුමියට නිදුක් නිරෝගී භාවය හා ස්තුති පූර්ව පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්නෙමු. මෙම පරිගණක ලබා ගැනිමේදී Netcare IT Solution ආයතනයේ අධිපති අප විහාරස්ථානයේ දායක දමින්ද අතලේ මහතා විසින් සහනදායි ලෙස අපට ලබා දුන් අතර එතුමාටත් ස්තුති පූර්වක වෙමු.

  • ස්ථානය: මිරිහාන ශ්‍රී විවේකාරාම විහාරස්ථානය
  • සංවිධානය කරන්නේ: මිරිහාන ශ්‍රී විවේකාරාම විහාරස්ථානය
  • වේලාව: 08:00 AM
  • February 26, 2024