වෙසක් පිණ්ඩපාත චාරිකාව මිරිහාන විවේකාරාමාධිපති බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති කිතලගම හේමසාර මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාවේ සහ මිරිහාන බෞද්ධ කාන්තා සංගමයේද, මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ ධර්ම ශක්ති සංවිධානයේ ද සහයෝගයෙන් වෙසක් පෝ දිනට පසු දින (13 වන දින) විහාස්ථ ගොදුරුකම් සීමාව තුළ භික්ෂූන් වහන්සේ අසූනමක් පිඩුසිගා වැඩම කරවති. පසුගිය දා මියන්මාරයේ සිදු වූ බිහිසුණු භූමිකම්පාවෙන් විපතට පත් එරට ජනතාවට අවශ්‍ය වියළි ආහාර සහ පහසුකම් සැලසීම වස් මෙම පිණ්ඩපාත චාරිකාව සඳහා මියන්මාර් ජාතික භික්ෂූන් වහන්සේ 60 නමක් ද සහභාගි වෙති. උන්වහන්සේලාට පිණ්ඩපාතය සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පූජා කිරීම සදහා ආසිරි පෙරේරා බිෂොප්තුමා ප්‍රධාන කතෝලික සහ ක්‍රිස්තියානි පූජකතුමන්ලාද, ස්ලාම් මවුලවිතුමන්ලාද, හින්දු කුරුක්කල්තුමන්ලාද, එදින සහභාගී වෙති. ආගමික සහ ජාතික සංහිදියාව ඇති කරමින් මෙසේ සියලු ආගමික පූජකතුමන්ලා පිණ්ඩපාත පූජා කිරීම සදහා සහභාගිවීම ලංකා ඉතිහාසයේ ප්‍රථමවතාවට සිදුවන ඵෙතිහාසික සිදුවීමක් වනු ඇත. මෙම මහා පුණ්‍ය ක්‍රියාවට සභාගීවීම සදහා කොළඹ දිස්ත්‍රික් මහ දිසාපතිතුමා සහ මහරගම ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයේ ද සහභාගි වීමට නියමිතය. ඔබ සැමටද මෙම පින් කම සඳහා මෙත් සිතින් සම්බන්ධ වෙන ලෙස කාරුණිකව ආරාධනා කර සිටිමු.