මිරිහාන ශ්‍රී රෝහණ දහම් පාසලේ 2024 වර්ෂයේ බක් මහ උළෙල මිරිහාන ශ්‍රී විවේකාරා විහාරස්ථානයේදී 2024 - 04 - 21 වන දින ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. එහිදී දහම් පාසල් දරුවන් විසින් ජන ක්‍රීඩා තරග හා අවුරුදු ක්‍රීඩා තරග සඳහා ද උද්යෝගයෙන් සම්බන්ධ විය. මෙහිදී අවුරුදු උත්සවය අලංකාර කිරීම සඳහා අවුරුදු ගීත සඳහා නර්තනයෙන්ද දායකවීමට දරුවන් ඉදිරිපත් විය. සියලු දරුවන් සහ දෙමව්පියන් සඳහා සංග්‍රහ කටයුතු සිදු කිරීම හා තරග වලට ඉදිරිපත් වූ දරුවන්ට ත්‍යාග ලබා දීම අවසානයේදී සිදු කරන ලදී.